මධ්‍යම පළාතේ මහනුවර මනරම් කදුකරයේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
මප/තෙල්/කොළොංගොඩ මධ්‍ය මහා විද්‍යාලය 1966 ජූලි මස 01 දින නිළ වශයෙන් ආරම්භ විය. ප්‍රථම විදුහල්පති ලෙස එච්.එම්.එම්.බී.හේරත් මහතා වැඩ භාරගත් අතර උප ගුරුවරියක ලෙඩ පී.ඩී.ජොසපින් මහත්මිය වැඩ භාරගෙන ඇත. 1967.07.04 දින සිසු සිසුවියන් 18 දෙනෙකුගෙන් පාසල චාම් උත්සවයකින් ආරම්භ කර ඇත. 1968 වසර වන විට ගුරු මණ්ඩලය අටක් දක්වා වර්ධනය විය. 1968.01.07 දින එච්.එම්.එම්.බී.හේරත් විදුහල්පතිතුමා ස්ථාන මාරු ලැබීය.
එච්.එම්.එම්.බී.හේරත් විදුහල්පතිතුමා ස්ථාන මාරු ලැබූ පසු 1968.01.07 වන දින සිට අප පාසලේ විදුහල්පති ලෙස ඩී.එස්.කහඳව මහතා පත්විය. 199 වන විට සිසුන් 350 ක් විය. බුදු මැදුර සකස් කිරීම, සියවස ප්‍රදර්ශනය සංවිධානය, 07 ශ්‍රේණිය දක්වා තිබූ පාසල 10 ශ්‍රේණිය දක්වා වර්ධනය කිරීම එතුමාගෙන් ඉටුවිය. 1971.01.05 වන දින ඩී.එස්.කහඳව මහතා ස්ථාන මාරු ලැබීය. ඉන්පසු විදුහල්පති ලෙස ඉද්දවල මහතා වැඩ භාරගන්නා දී. ළමුන් 637 ක් ව සිටියදී 1971.03.01 ක් වන දින සුමන කටුගම්පල මහතා විදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදී. 1971.08.04 වන දින විදුහලේ ළිඳ තනා නිම කරන ලදී. 1973.03.01 වන දින එම්.ආර්.ධර්මරත්න මහතා විදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදී. 1974.01.09 වන දින ජ.මු.උ.ව.සෙනෙවිරත්න මහතා විදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදී. මේ වනවිට ළැමුන් 474 වූ අතර ගුරු මණ්ඩලය 11 ක් විය. 1975.01.29 වන දින ඩී.එම්.කරුණාරත්න මහත්මිය විදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදී.
විදුහල් ඉතිහාසයේ නව පිටුවක් පෙරලූ එච්.ඩී.එස්.ෆොන්සේකා මහතා 1977.09.25 වන දින විදුහල්පතිව පත්ව එනවිට ළමුන් 600ක් හා ගුරු මණ්ඩලය 23 ක් විය. තූර්ය වාදක කණ්ඩයක් ආරම්භ කිරීම, උසස් පෙළ පන්ති ආරම්භ කිරීම, විදුහලට ගොඩනැගිලි රාශියක් ලබා ගැනීම හා මහ විදුහලක් ලෙස අනුමත කරගැනීම සිදුවිය. මේ වනවිට ළමුන් 1161 ක් වූ අතර ගුරු මණ්ඩලය 31 ක් විය.
1980.05.05 ද්පින්ලේ කොළොංගොඩ ශ්‍රී ගංගාරාම විහාරාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත ගොඩමුන්නේ රතනපාල හිමියන් විදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදී. එම වකවානුවේ ඉතා විශාල ප්‍රබෝදයක් පාසල තුළ ඇතිවූ අතර විශ්ව විද්‍යාලයට අප පාසලේ සිසුන් ඇතුලත්වීම ආරම්භ විය. එම කාල වකවානුවේදී සිසුන් මුල් වතාවට විශ්වවිද්‍යාල වරම් හිමි කරගැනීමට සමත් වූ අතර ඉන් පසුව වාර්ෂිකව විදුහලෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ සිසු සංඛ්‍යාව ද ඉහළ ගියේ ප්‍රදේශයටද විදුහලේ කීර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි. එදා මෙදා තුර පාසලෙන් බිහිවූ විද්‍යාර්ථීන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය. ළමුන් 1400 ක් වූ අතර ගුරු මණ්ඩලය 45 ක් විය.
1989.01.2 වන දින පී.ජී.ආනන්ද සරත් මහතාවිදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදී. වසර 24 ක කාලයක් විදුහල්පති ලෙස එතුමා කටයුතු කළ අතර දෙස් විදෙස් ජයග්‍රහණ රැසක් විදුහලට ලබා ගනිමින් තෙල්දෙණීය අධ්‍යාපන කලාපයේ විශිෂ්ටතම පාසලක් බවට පත් කිරීමට කටයුතු කරන ලදී. 2012 වර්ෂයේදී එතුමා විශ්‍රාම යන ලදී.
පී.ජී.ආනන්ද සරත් මහතා විශ්‍රාම යාමෙන් අනතුරුව එච්.එම්.වීරසේකර බණ්ඩා මහතා විදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදී. පී.ජී.ආනන්ද සරත් මහතාගේ වැඩපිලිවෙළ තවත් ඉදිරියට රැගෙන යමින් සිසු සිසුවියන් බොහෝමයක් විශ්ව විද්‍යාල වෙත යැවීමත්, යාවත්කාලීන් දැක්මක් යටතේ පාසල වැඩි දියුණු කිරීමත් එතුමාගේ විශේෂත්වයක් වේ.
2012 න්ප සු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්තකාලයක් ද පාසලට එකතු විය. විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. තවද, මාධ්‍ය ඒකකය හා තාක්ෂණික ඒකකය, පරිගණක ඒකකය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
2013 වර්ෂයේ සිට ද්වි භාෂා පන්ති ආරම්භ කරමින් ගණිතය, පුරවැසි අධ්‍යාපනය, භූගෝලය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 6,7,8 ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 45 ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 5 කින් සමන්විතය. එක්දහස් දෙසිය පනහක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "යහපත් නිපුණතා සපිරි විශිෂ්ට සිසු පරපුරක්" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2025 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.
|
ආරම්භ කළ වර්ෂය |
1966 ජූලි 01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
18 |
|
මුල් ගුරුතුමාගේ නම |
එච්.එම්.එම්.බී.හේරත් මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
එච්.එම්.එම්.බී.හේරත් මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මප/තෙල්/කොළොංගොඩ මධ්‍ය මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
එච්.එම්.වීරසේකර බණ්ඩා මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1967 ජූලි 04 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කොළොංගොඩ මධ්‍ය මහා විද්‍යාලය |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1966 දෙසැම්බර් 10 දින |





