මප/තෙල්/කොළොංගොඩ මධ්‍ය මහා විද්‍යාලය

නව තාක්ෂණය සමඟ පාසලට එන පන්ති කාමර...

25.png
25.png

විදුහල්පති පණිවිඩය

එච්.එම්.වීරසේකර බණ්ඩා මයා

යම්කිසි කාල වකවානුවක් තුලදී අප විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශයෙහි අක්‍රීය තත්ත්වයක් පැවති අතර පසුගිය වසර තුළ එය නැවත ක්‍රියාත්මක විය. කෘතීම බුද්ධිය, රොබෝ තාක්ෂණය හා ජාන තාක්ෂණය ආදියෙහි දි දියුණුවත් සමඟ මෙන්ම ඩිජිටල්කරණ ලෝකය මත අනාගත මානවයාගේ කටයුතු විශේෂ වෙනසකට භාජනය වන බව අප සැම අත්දකිමින් සිටිති. ඒ අනුව, විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරන අතර මෙමඟින් අප විද්‍යාලයෙහි ගුණාත්මක අධ්‍යාපනයට පිටුවහලක් ඇතිවන බවද විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප විද්‍යාලයීය බෙව් අඩවිය සමග සම්බන්ධ වී විද්‍යාලයේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.  

ස්තූතියි.

 

එච්.එම්.වීරසේකර බණ්ඩා මයා
විදුහල්පති
මප/තෙල්/කොළොංගොඩ මධ්‍ය මහා විද්‍යාලය.