|
1966-1968 |
එච්.එම්.එම්.බී.හේරත් මහතා |
|
මප/තෙල්/කොළොංගොඩ මධ්‍ය මහා විද්‍යාලය 1966 ජූලි මස 01 දින නිළ වශයෙන් ආරම්භ විය. ප්‍රථම විදුහල්පති ලෙස එච්.එම්.එම්.බී.හේරත් මහතා වැඩ භාරගත් අතර උප ගුරුවරියක ලෙඩ පී.ඩී.ජොසපින් මහත්මිය වැඩ භාරගෙන ඇත. 1967.07.04 දින සිසු සිසුවියන් 18 දෙනෙකුගෙන් පාසල චාම් උත්සවයකින් ආරම්භ කර ඇත. 1968 වසර වන විට ගුරු මණ්ඩලය අටක් දක්වා වර්ධනය විය. 1968.01.07 දින එච්.එම්.එම්.බී.හේරත් විදුහල්පතිතුමා ස්ථාන මාරු ලැබීය. |
|
1968-1971 |
ඩී.එස්.කහඳව මහතා |
|
එච්.එම්.එම්.බී.හේරත් විදුහල්පතිතුමා ස්ථාන මාරු ලැබූ පසු 1968.01.07 වන දින සිට අප පාසලේ විදුහල්පති ලෙස ඩී.එස්.කහඳව මහතා පත්විය. 199 වන විට සිසුන් 350 ක් විය. බුදු මැදුර සකස් කිරීම, සියවස ප්‍රදර්ශනය සංවිධානය, 07 ශ්‍රේණිය දක්වා තිබූ පාසල 10 ශ්‍රේණිය දක්වා වර්ධනය කිරීම එතුමාගෙන් ඉටුවිය. 1971.01.05 වන දින ඩී.එස්.කහඳව මහතා ස්ථාන මාරු ලැබීය. |
|
1971-1971 |
ඉද්දවල මහතා |
|
|
|
1971-1973 |
සුමන කටුගම්පල මහතා |
|
|
|
1973-1974 |
එම්.ආර්.ධර්මරත්න මහතා |
|
|
|
1974-1975 |
සෙනෙවිරත්න මහතා |
|
|
|
1975-1977 |
ඩී.එම්.කරුණාරත්න මහත්මිය |
|
|
|
1977-1980 |
එච්.ඩී.එස්.ෆොන්සේකා |
|
විදුහල් ඉතිහාසයේ නව පිටුවක් පෙරලූ එච්.ඩී.එස්.ෆොන්සේකා මහතා 1977.09.25 වන දින විදුහල්පතිව පත්ව එනවිට ළමුන් 600ක් හා ගුරු මණ්ඩලය 23 ක් විය. තූර්ය වාදක කණ්ඩයක් ආරම්භ කිරීම, උසස් පෙළ පන්ති ආරම්භ කිරීම, විදුහලට ගොඩනැගිලි රාශියක් ලබා ගැනීම හා මහ විදුහලක් ලෙස අනුමත කරගැනීම සිදුවිය. මේ වනවිට ළමුන් 1161 ක් වූ අතර ගුරු මණ්ඩලය 31 ක් විය. |
|
1980-1989 |
කොළොංගොඩ ශ්‍රී ගංගාරාම විහාරාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත ගොඩමුන්නේ රතනපාල හිමියන් |
|
1980.05.05 වන දින කොළොංගොඩ ශ්‍රී ගංගාරාම විහාරාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත ගොඩමුන්නේ රතනපාල හිමියන් විදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදී. එම වකවානුවේ ඉතා විශාල ප්‍රබෝදයක් පාසල තුළැ ඇතිවූ අතර විශ්ව විද්‍යාලයට අප පාසලේ සිසුන් ඇතුලත්වීම ආරම්භ විය. ළැමුන් 1400 ක් වූ අතර ගුරු මණ්ඩලය 45 ක් විය. |
|
1989-2012 |
පී.ජී.ආනන්ද සරත් මහතා |
|
1989.01.2 වන දින පී.ජී.ආනන්ද සරත් මහතාවිදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදී. වසර 24 ක කාලයක් විදුහල්පති ලෙස එතුමා කටයුතු කළ අතර දෙස් විදෙස් ජයග්‍රහණ රැසක් විදුහලට ලබා ගනිමින් තෙල්දෙණීය අධ්‍යාපන කලාපයේ විශිෂ්ටතම පාසලක් බවට පත් කිරීමට කටයුතු කරන ලදී. 2012 වර්ෂයේදී එතුමා විශ්‍රාම යන ලදී. |
|
2012 |
එච්.එම්.වීරසේකර බණ්ඩා මහතා |
|
පී.ජී.ආනන්ද සරත් මහතා විශ්‍රාම යාමෙන් අනතුරුව එච්.එම්.වීරසේකර බණ්ඩා මහතා විදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදී. පී.ජී.ආනන්ද සරත් මහතාගේ වැඩපිලිවෙළ තවත් ඉදිරියට රැගෙන යමින් සිසු සිසුවියන් බොහෝමයක් විශ්ව විද්‍යාල වෙත යැවීමත්, යාවත්කාලීන් දැක්මක් යටතේ පාසල වැඩි දියුණු කිරීමත් එතුමාගේ විශේෂත්වයක් වේ. |





