පුවත් හා විශේෂ අවස්ථා
අප විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල 2024 මාර්තු මස 21 වන දින පෙ.ව.9.00 ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගරු ටී.එම්.පී.එස්.කේ.තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණී.
විද්‍යාලයීය විවිධ ප්‍රසංගය ජනවරි මස 27 දින පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ සඳහා පාසලේ හා ප්‍රජාවගේ සහයෝගය අපේක්ෂා කර සිටිමු.
ප්‍රාථමික අංශයේ දරු දැරියන් සඳහා ක්‍රීඩා උත්සවය පෙබරවාරි මස තුළදී පැවැත්වීමට තීරණය කර ඇත. ඒ සඳහා අවශ්‍ය සම්පත් ලබාදීමට අපි අපේක්ෂා කර සිටිමු.
කලින් කලට පරිණාමය වූ අධ්‍යාපන ක්‍රමවේදයේ විප්ලවීය සංධිස්ථානයක් ලෙස ස්මාට් පන්ති කාමර දැක්විය හැකිය. ඒ අනුව, තාක්ෂණය තුළින් දරුවන් අධ්‍යාපනයට යොමු කිරීම මූලික කරගනිමින් අප විද්‍යාලයේ පැවති ස්මාට් පුවරුවක් යොදාගනිමින් ස්මාට් පන්ති කාමරයක් සකස් කරන ලදී.





